20-20 ලෝක කුසලානයට ඉන්දියාව දෝනි කැඳවයි

ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු විශිෂ්ඨ ක්‍රීඩකයෙකු වන මහේන්ද්‍ර සිං දෝනි එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා යළි ඉන්දීය ජාතික කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔහු මෙලෙස ඉන්දීය කණ්ඩායම හා එක්වන්නේ ක්‍රීඩකයින් අධීක්‍ෂණය කරන විශේෂ උපදේශකවරයෙකු ලෙසයි.

එළඹෙන ලෝක කුසලානයේදී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරුට සහ කළමණාකාරිත්වයට මග පෙන්වීම සදහා මහේන්ද්‍ර සිං දෝනි පත් කළ බව
එරට ක්‍රිකට් බලධාරීන් පවසනවා.

20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඩුබායිහිදී ඔක්තෝම්බර් 17 වනදා සිට ආරම්භ වනවා.

 

 

 

Leave A Reply

Your email address will not be published.