වසර 08 කට පසු දකුණු අප්‍රිකාවට එරෙහිව තරගාවලි ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2 – 1 ක් ලෙස තරගාවලිය ජය ගත් අතර එ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව තරගාවලියක් ජය ගත්තේ වසර 08 කට පසුයි.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 47ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් හෙන්රික් ක්ලාසන් ලකුණු 22ක් රැස්කළ අතර ජෝර්ජ් ලින්ඩේ ලකුණු 18ක් රැස්කළේය.

පන්දු යැවීමේදී තම එක්දින පළමු තරඟය ක්‍රීඩාකළ මහේෂ් තීක්ෂණ කඩුලු 4ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු දෙක බැගින් දවා ගත්තේය.

තීක්ෂණ ගේ පන්දු යැවීම සිය මංගල එක්දින ජාත්‍යන්තර තරඟයේ දී පන්දු යවන්නෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වෙයි.

තරගයේ වීරයා ලෙස දුෂ්මන්ත චමීර සහ තරගාවලියේ වීරයා ලෙස චරිත් අසලංක සම්මාන දිනා ගත්හ.

Leave A Reply

Your email address will not be published.