සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය ගායක ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 68 වන වියේ පසුවුනා.

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඒ මහතා ඉන් සුවය ලබා පසුගිය දා තම නිවෙසට ගිය අතර නැවතත් ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා.

Leave A Reply

Your email address will not be published.