රටේ තිබෙන ආහාර සංචිත පිළිබඳව රජයෙන් දැනුම්දීමක්

රට තුළ සහල් හා සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් උද්ගතව ඇති බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසනවා.

ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතු බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙරට තුළ ආහාර හිඟයක් ඇති බවට ඇතැම් දේශීය හා විදේශීය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ප්‍රචාරය කරමින් සිටින අතර ඇතැම් විපක්‍ෂයේ දේශපාලනඥයන්ද මෙම අසත්‍ය නැවත ප්‍රචාරය කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

එම සියළු ප්‍රචාර අසත්‍ය බවත් රට තුළ ආහාර හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසත් රජය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙනවා.

Leave A Reply

Your email address will not be published.