නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී නව කොවිඩ් රෝගියෙක් හඳුනාගෙන තිබීම හේතුවෙන් නවසීලන්තය නැවත වතාවක් වසා දැමීමට එරට අගමැතිනි ජෙසින්ඩා ආර්ඩන් තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඕක්ලන්ඩ් නගරය සතියක් සහ රටේ අනෙකුත් ප්රදේශ දින තුනක් සඳහා වසාදැමෙනවා.
හඳුනාගත් ආසාදිතයාට ඩෙල්ටා ප්රභේදය ආසාදනය වී ඇතැයි යන අනුමානය මත තමා එවැනි තීරණයක් ගත් බව ආර්ඩන් පැවසුවා.
ලෝකයේ හොඳින්ම කොවිඩ් පාලනය කල රටවල් අතර නවසීලන්තය පෙරමුණේ සිටිනවා. එරටින් වාර්තා වී ඇති මුළු රෝගීන් ප්රමාණය 2926 ක් වන අතර මරණ වාර්තා වී තිබෙන්නේ 26 ක් පමණයි.
නමුත් එරට එන්නත්කරණය කොට තිබෙන්නේ මුළු ජනගහනයෙන් 18.7 ක ප්රමාණයක් පමණයි.