ලෝක කණිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලිය අද ඇරඹේ

ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 ක් සහභාගිවේ

අවුරුදු 20න් පහල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගීවන ලෝක කණිෂ්ඨ මලල ක්‍රිඩා තරගාවලිය කෙන්යාවේ නයිරෝබි නුවරදී අද ආරම්භ වනවා. ඒ සදහා රටවල් 117 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 973 ක් සහභාගි වනවා.

මෙම තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු එක් වනවා. ඉසුරු කෞෂල්‍ය මීටර් 400 සහ මීටර් 400 මිශ්‍ර සහය දීවීමේ ඉසව් සඳහාත් යූ බී එම් ආර් ඩී බණ්ඩාර, එච් එච් ආර් එස් ජයසුන්දර සහ සයුරි ලක්ෂිමා මෙන්ඩිස් මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව සඳහාත් එක් වනවා.

මේධානි ජයමාන්න මීටර් 100 සහ 200 කාන්තා ධාවන ඉසව් සඳහා සහ ඩී. එම්. ටී. ඩී. කරුණාරත්න මීටර් 800 සහ මීටර් 400 මිශ්‍ර සහය දීමේ ඉසව් සඳහා එක් වනවා.
ශ්‍රී ලංකා කණිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස උමංග සුරේන්ද්‍ර සහ ධනුෂ්ක මුණසිංහ කටයුතු කරනවා. මෙම තරගාවලිය ලබන 22 වනදා දක්වා පැවැත්වෙනවා.

Leave A Reply

Your email address will not be published.