අද විශේෂ පක්ෂ නායක හමුවක්

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම අරමුණ කොට ගත් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

හෙට (17) සිට ලබන සිකුරාදා දිනය දක්වා පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යෑමට මීට පෙර තීරණය වී තිබුණි.

කෙසේවෙතත් රටතුළ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණය කරන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව මෙම කැඳවීම සිදුකර තිබේ.

 

 

 

Leave A Reply

Your email address will not be published.