ශ්රී ලංකාව විසින් මිලදී ගත් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත් මාත්රා 15,000 ක් අද අලුයම මෙරටට ගෙන ආවා.. ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්රවාහන ගුවන් යානයකින් අද අලුයම 12.30 ට පමණ එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබෙනවා.
එම එන්නත් තොගය ස්පුට්නික් එන්නතේ දෙවන මාත්රාව ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා එන්නත් බවයි රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව පවසන්නේ.