එන්නත්වලටද මෙල්ල කළ නොහැකි මාරාන්තික “එප්සිලෝන් ” කොවිඩ් ප්‍රභේදය පාකිස්ථානයෙන් හමුවේ

කොවිඩ් මර්දන එන්නත්වලටද මෙල්ල කළ නොහැකි සහ ඉහළ සම්ප්‍රේෂණයක් සහිත “එප්සිලෝන්  “නමැති කොවිඩ් ප්‍රභේදය පාකිස්ථානයෙන් වාර්තා වී තිබෙනවා.
පාකිස්ථානයේ ව්‍යාප්ත වෙමින් පවතින එප්සිලෝන් ප්‍රභේදය හේතුවෙන් මේ වනවිට ඉන්දියාව ද දැඩි අවදානයෙන් පසුවනවා.

මිට පෙර හඳුනා ගැනුණු කොවිඩ් ප්‍රභේද කොවිඩ් මර්ධන එන්නත්වලට මර්ධනය කිරීමට හැකියාවක් තිබුනද මෙම නව ප්‍රභේදය එන්නත් වලට මෙල්ල කිරීමට හැකියාවක් නොමැති බව පර්යේෂණ මගින් තහවුරු වී තිබෙනවා.

පළමු වරට අමෙරිකාවෙන් හඳුනා ගැනුණු මෙම වෛරසය පසුව එය රටවල් 34ක් පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

වොෂිංටන් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකට අනුව, පෙර පැවති කොවිඩ් ප්‍රභේද වලට වඩා මෙම “එප්සිලෝන් ” ප්‍රභේදය සියයට 20 කින් සම්ප්‍රේෂණය කළ හැකි බව සොයාගෙන තිබෙනවා..

මෙම නවතම ‘එප්සයිලෝන් ’ ප්‍රභේදයට අන්තර්ගත විකෘති තුනක් ඇති බැව් මේ වන විට වෛද්‍ය පර්යේෂකයන් විසින් සොයාගෙන ඇත. මෙම විකෘති ජාන විපර්යාසයන් ලෙසද හැඳින්විය හැකි අතර, මේ මගින් පුද්ගලයන්ගේ රුධිර ප්ලස්මාවල (තරලයෙහි) ඇති ප්‍රතිදේහවල සඵලතාවය හීන කරන බැව් පර්යේෂණ මගින් සොයාගෙන තිබේ. එවිට සිදුවන්නේ ශරීරයේ තිබෙන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය මඟහැරීම යැයි කරුණු අනාවරණය වී ඇත.

මෙවැනි තත්ත්වයක දී ‘කොවිඩ්-19’ රෝගයට එරෙහිව සිදුකරනු ලබන එන්නත්කරණයේදී ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදුවේ. එහිදී එම එන්නත් වර්ගවලින් යම් පුද්ගලයකුගේ ශරීරය තුළ ප්‍රතිදේහ ගොඩනැඟුණද, ‘එප්සයිලෝන් ’ ප්‍රභේදයට එම ප්‍රතිදේහ අකර්මණ්‍ය කිරීමේ හැකියාවක් තිබෙන බව කියවේ.. අවසානයේදී ප්‍රතිදේහ ශක්තිමත් නොවී ‘එප්සයිලෝන් ’ ප්‍රභේදයේ විකෘතීන් ශක්තිමත්වී එම පුද්ගලයාට කොරෝනා රෝගය ආසාදනය වීම සිදුවේ.

Leave A Reply

Your email address will not be published.