තවත් මාරාන්තික වෛරසයක්

මිනිසාට මරණීය තත්ත්වයක් ඇතිකළ හැකි “මාබර්ග්” නම් තවත් වෛරසයක් පිළිබඳව තොරතුරු වාර්තා බටහිර අප්‍රිකාවෙන් වෙනවා.

එම වෛරසය හේතුවෙන් ගිනියා රාජ්‍යයේ පළමු මරණය පසුගියදා වාර්තා වුණා.

බටහිර අප්‍රිකාවෙන් එම වෛරස ආසාදිතයෙක් හමුවී ඇත්තේ පළමු වතාවට බව ද වාර්තා වන අතර එය , ඉබෝලා රෝගය ඇතිකරන වෛරසයට සමානකම් දක්වන බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙනවා.

පලතුරු වවුලන්ගෙන් “මාබර්ග්” වෛරස් රෝගය මනුෂ්‍යයාට සම්ප්‍රේෂණයවන්නට ඇතැයි අනුමාන කරන අතර එය ශරීර ශ්‍රාව ඔස්සේ මිනිසුන් අතර පැතිරයන බවට හඳුනාගෙන තිබෙනවා.

2005 දී ඇන්ගෝලාවේ එම වෛරස් රෝගය දරුණු ලෙස පැතිර ගොස් තිබුණා.

 

 

Leave A Reply

Your email address will not be published.