ඊයේ කොවිඩ් මරණ 118 ක්

ඊයේ (09) සිදු වූ කොවිඩ් මරණ 118ක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ලැබුවා.

ඒ අනුව මෙරට සිදුවූ සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 5340 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ දිනයේදී මියගිය පිරිස අතර පුරුෂයින් 79ක් සහ කාන්තාවන් 39ක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ වාර්තා වේ දැක්වෙන්නේ.

වයස අවුරුදු 30-59ත් අතර වියේ පසුවන පුද්ගලයින් 17ක් සහ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් 101 දෙනෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්වූ පිරිස අතර වනවා.

ගතවූ දින 09 තුලදී මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 832ක් වනවා.

Leave A Reply

Your email address will not be published.