මල්වර උත්සවයක ආසාදිතයෙකු පිසූ ආහාර නිසා ගමක් නිරෝධායනයේ… 85 දෙනෙකුට ආසාදිතයි

පයාගල ගොරකදෙණිය ප්‍රදේශයේ, මල්වර උත්සවයක් සඳහා සහභාගී වු පුද්ගලයින්ට හා එහි ආශ්‍රිතයින් 85දෙනෙක් ට කොවිඩ් ආසාදනය වී තිබේ.

පැවැත්වීමට සුදානම් කර තිබු මල්වර උත්සවය පසුගිය 24 වන දා බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මැදිහත්ව නවතා දමා තිබෙනවා.

මල්වර උත්සවය පැවැත්වීමට සුදානම් කර තිබු නිවසට කටයුතු සඳහා උදව් වීමට දි පුද්ගලයින් 35දෙනෙක් පමණ පැමිණ තිබෙන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් අදාළ උත්සවය නවතා දැමීම හේතුවෙන් පිසින ලද ආහාර සියල්ල නිවැසියා විසින් උත්සවයට ආරාධනා කරන ලද නිවෙස්වලට පාර්සල් කර බෙදා දී තිබේ.

ම නිවසේ ආහාර සැකසීමට පැමිණි පුද්ගලයෙකුට ඇති වු රෝගී තත්ත්වයක් මත රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදුකිරීමේ දී ඔහු ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙන අතර පසුව තවත් පුද්ගලයින් 23දෙනෙකුට ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

පසුව ඔවුන්ගේ ආශ්‍රිතයින් 212දෙනෙකුගේ පීසීආර් පරීක්ෂණ සිදු 31 වනදා සිදු කර ඇති අතර ඉන් පුද්ගලයින් 62ක් ට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

ප්‍රදේශයේ පවුල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරෝධායනට ලක්කර තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.