ශ්‍රී ලංකාවේ මිලියන දෙක ඉක්ම වූ පිරිසක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.
ඒ අනුව පුද්ගලයින් 2,063,809 දෙනෙකු ඊයේ (29) දිනය වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබා ගනිමින් එන්නත්කරණය සම්පූර්ණ කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
ගත වූඊයේ දිනයේ පුද්ගලයින් 500,000 ඉක්මවූ පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර තිබේ.
ඒ අනුව 515,830 දෙනෙකු සඳහා ඊයේ දිනයේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලබාදීම සිදුකර ඇති අතර දිනක් තුළ වැඩිම පිරිසක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් දිනය ලෙස ඊයේ දිනය වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ඊයේ දිනයේ පුද්ගලයින් හාරලක්ෂ 418,494 දෙනෙකුට ලබාදී තිබේ.
ෆයිසර් සහ මොඩර්නා එන්නත්වල පළමු මාත්‍රාව ද පුද්ගලයින් 40,588 දෙනෙකු සඳහා ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.