20 – 20 තරගාවලිය ශ්‍රී ලංකාව ජය ගනී.. මේ ඉන්දියාවට එරෙහිව ලැබූ පළමු 20-20 තරගාවලි ජයයි

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති T20 ක්‍රිකට් තරඟාවලිය, තරඟ 2-1ක් ලෙස ජය ගැනීමට සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම අද සමත් වුණා.

ඒ තෙවන විස්සයි 20 තරඟය ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 7කින් ජයගැනීමත් සමග.

පළමුවෙන් පන්දුවට පහරදුන් සංචාරක ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් ලබා ගත් අතර .

පන්දු යැවීමේදී වනිඳු හසරංග ලකුණු 9කට කඩුලු 4ක් සහ නායක දසුන් ශානක කඩුලු 2ක් දවාගත්තා.

ශ්‍රී ලකා කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 82 ලබා ගැනීමට සමත් වුනා.

මෙය ඉන්දියාව පරාජය කර ශ්‍රී ලංකාව ලබා ගත් පළමු T20I තරඟාවලි ජය ලෙස සටහන් වෙයි.

 

 

Leave A Reply

Your email address will not be published.