කලකට පසු ඊයේ කොළඹ ආසාදිතයින් 500 ඉක්මවයි

කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් වරක් 500 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (28) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 1‍,940 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 596 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

කළුතර දිස්ත්‍රික්කයෙන් 382 දෙනෙකු, යාපනය දිස්ත්‍රික්කයෙන් 122 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 117 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 115 දෙනෙකු ලෙස ඊයේ දිස්ත්‍රික්ක 5ක දෛනික ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී තිබුණි.

ආසාදිතයින්ගෙන් 21 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 1,919 දෙනා දිවයිනේ දිස්ත්‍රික්ක 25න් වාර්තා වී තිබේ.

 

Leave A Reply

Your email address will not be published.