චීනයෙන් පරිත්‍යාග කළ තවත් එන්නත් මාත්‍රා තොගයක් අද මෙරටට

චීනය විසින් පරිත්‍යාග කළ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 16යේ තොගය රැගත් ගුවන්යානා අද (27) උදෑසන දිවයිනට පැමිණියා.

චීනයේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යු.එල්. 865 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය මගින් අද උදෑසන 8.00ට එම එන්නත් තොගයෙන් කොටසක් රැගෙන ආ අතර දෙවන තොගය රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් තවත් ගුවන්යානයක් අද උදෑසන 10.10ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණියා.

චීන රජය එක් වරකදී ප්‍රදානයක් ලෙස ලබාදුන් වැඩිම කොවිඩ් මර්දන එන්නත් තොගය මෙය වන අතර චීනය ශ්‍රී ලංකාවට මේ දක්වා ප්‍රදානය කර ඇති සයිනොෆාම් එන්නත් ප්‍රමාණය ලක්ෂ 27කි.

Leave A Reply

Your email address will not be published.