ගුරු – විදුහල්පති වැටුප් ගැටලුව ගැන තීරණාත්මක සාකච්ඡාවක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් අද

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (27) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

“අගමැති කාර්යාලයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගන්න. පිළිගත හැකි විසඳුමක් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනවා. එහෙම නැතිවුණොත් වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩය යයි.” යනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

 

 

 

Leave A Reply

Your email address will not be published.