මුඛ පිළිකා රෝගීන් 9 ගුණයකින් ඉහළ ගිහින්… හේතුව මෙන්න

මෙරට පසුගිය වසර 20 තුළ මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් පමණ ඉහළගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන ඒකකය පවසනවා..

මීට ප්‍රධාන හේතුව පුවක් භාවිතය ලෙස හඳුනාගෙන ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

පිරිමි පුද්ගලයින් අතර මුඛ පිළිකා බහුල වන බවත් කාන්තාවන් අතර බහුලතම පිළිකාවන් 10 අතරට මෙම මුඛ පිළිකා රෝග තත්ත්වය අයත් බවද එම ඒකකය පෙන්වා දෙයි.

2019 වසරේ දී නව මුඛ පිළිකා රෝගීන් 2,700ක් පමණ වාර්තා වී ඇති බව පෙන්වාදෙන ජාතික පිළිකා මර්දන ඒකකය දෛනිකව මුඛ පිළිකා ආශ්‍රිත මරණ දෙකක් හෝ තුනක් සිදුවන බවද සදහන් කළේය.

දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් සියයට 60ක් පමණ පසු අවදියේ පසුවන අතර අවසන් අවදියේ පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසු ජීවත්වීමේ හැකියාව ද අඩුවන බව එම ඒකකය සඳහන් කරයි.

මුල් අවස්ථා‍වේ හඳුනාගැනීමෙන්, ප්‍රතිකාර කිරීම මගින් රෝගය උත්සන්නවීම වළක්වා ගත හැකි බවද ජාතික පිළිකා මර්දන ඒකකය පවසයි.

 

source – adaderana

Leave A Reply

Your email address will not be published.