මරණ සහ ආසාදිතයින් බහුතරයක් කොරෝනා එන්නත ලබා නොගත් අය – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සහ ආසාදිතයින්ගෙන් බහුතරයක් කොරෝනා මර්දන එන්නත ලබා නොගත් පුද්ගලයින් බව අනාවරණ වි ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

මේ දක්වා ඩෙල්ටා ප්‍රභේදය සහිත ආසාදිතයින් 68 දෙනෙකු හදුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.

ඊයේ දිනය තුල හඳුනා ගත් සමස්ත ආසාදිතයින් ගණන 1,656 ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 296,506 දෙනෙකු දක්වා ඉහළගොස් තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළ නව මරණ 45ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 4,099ක් දක්වා ද ඉහළගොස් තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.