ප්‍රදේශ කිහිපයකට අද තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) නිකුත් කළ නවතම නිවේදනයෙන් පෙන්වා දන්නේ දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය තවදුරටත් සක්‍රියව පවතින බවයි.

ඒ නිසා බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකිය.

උතුරු මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවේ.

 

 

Leave A Reply

Your email address will not be published.