ලෝකයේ මහා ක්‍රීඩා සැණකෙළිය.. ඔලිම්පික් උළෙල අද ඇරඹේ

ලෝකයේ විශාලතම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළල ජපානයේ ටෝකියෝ අගනුවරදී අද (23) ආරම්භ වේ.

අද ආරම්භ වන ඔලිම්පික් උළෙල ගෝලීය කොවිඩ් අර්බුදය නිසා වසරක් පමණ කල් ගියේය’

එලෙසම ක්‍රීඩා උළලට සහභාගීවීම සඳහා ජපානයට පැමිණ සිටින ක්‍රීඩකයන් සහ කාර්යමණ්ඩල සාමාජිකයන් රැසකට මේ වනවිට කොවිඩ් ආසාදනය වී තිබේ.

ජූලි පළමු වැනිදා සිට මේ දක්වා කාලය තුළ පමණක් ඔලිම්පික් ක්‍රීඩා උළල ආශ්‍රිතව හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන් ගණන 87කි.

නෙදර්ලන්ත ටයිකොන්ඩෝ ක්‍රීඩකයෙක් සහ කණ්ඩායමේ කාර්යමණ්ඩල සාමාජිකයෙක් කෙවිඩ් ආසාදිත බවට ඊයේ හඳුනාගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා අනිවාර්ය නිරෝධායනයට යොමුකර තිබුණි.

එලෙසම කොවිඩ් අවදානම හේතුවෙන් ගිනියා රාජ්‍යය ඔලිම්පික් උළලට සහභාගී නොවීමට තීරණය කර තිබේ.

Leave A Reply

Your email address will not be published.