ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි

ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි. ඇසළ පොහොය යනු ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද මෙරට බෞද්ධ ජනතාවට අතිශය වැදගත් පොහොය දිනයක්.

වැසි සළු පූජා කර වස් ආරාධනා කිරීම සිදුවන්නේ ඇසළ පොහෝ දිනයේයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වෙසක් මෙන්ම පොසොන් පුර පසලොස්වක පොහොය දිනයන්හිදී ජනතාවට සිල් සමාදන්වීම ඇතුළු ආගමික කටයුතු වල නිරත වීමට සිදුවූයේ සිය නිවෙස් වල සිටයි.

ඒ අනුව අද උදාවූයේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව වෙහෙර විහාරස්ථානවලට ගොස් ආගමික වතාවත් සිදු කිරිමට ලැබෙන පළමු අවස්ථාවයි.

Leave A Reply

Your email address will not be published.