ඩෙල්ටා නිසා ලොව පුරා කොරෝනා නැවතත් හිස ඔසවයි

පසුගිය සතියේදී ලොව පුරා වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන සියයට 12කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ මෙසේ වාර්තාවන ආසාදිතයින්ගෙන් බහුතරය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අසාදිත පිරිස් බවය.

ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුතු ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ඉදිරි මාස කිහිපයේදී ලොව ප්‍රමුඛතම කොවිඩ් වෛරස කාණ්ඩය බවට පත්වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගත් එම වෛරස ප්‍රභේදය පසුගිය සතියේදී පමණක් ලොව රටවල් 13ක් වෙත පැතිරගොස් තිබු අතර ඩෙල්ටා ප්‍රභේදය හමුව ඇති සමස්ත රටවල් සහ කලාප ගණන 124කි.

අද වනවිට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, බංග්ලාදේශය, චීනය, ඩෙන්මාර්කය, ඉන්දුනීසියාව, රුසියාව, ඊශ්‍රායලය, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් රැසක හඳුනාගන්නා ආසාදිතයින්ගෙන් සියයට 75ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් බව වාර්තා වේ.

 

Leave A Reply

Your email address will not be published.