සාකච්ඡා අසාර්ථකයි – ගුරු වර්ජනය අඛන්ඩව

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සහ ගුරු සංගම් අතර අද (20) පෙරවරුවේ පැවති සාකච්ඡාවක් පැවැත්වුණා.

එය එකඟතාවකින් තොරව අවසන් වූ බව ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඔන්ලයින් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ගුරු සංගම් පසුගිය 12 වනදා සිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්වෙමින් වර්ජනයක් ආරම්භ කළේ වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

Leave A Reply

Your email address will not be published.