ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි එක්දින තරගය අද

සංචාරක ඉන්දිය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදී අද පැවැත්වෙනවා. තරඟය පස්වරු 03 ට ආරම්භ වීමට නියමිතයි.

අද තරඟය සඳහා ඉසුරු උදාන වෙනුවට ළහිරු කුමාර හෝ කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ඇති බවටයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟාවලි ජයග්‍රහණයක් පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරඟය ජය ගත යුතු වනවා.

ශ්‍රී ලංකාව 2021 වසරේදී එක්දින තරඟ 09 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් ජය ගෙන ඇත්තේ එක් තරඟයක් පමණයි. ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවේදී අවසන් වරට සහභාගී වූ එක්දින තරඟ 09 ම ජය ගැනීමට සමත්ව තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.