පිළියන්දල 13 හැවිරිදි දැරියක ට ලිංගික අතවර ..

13 හැවිරිදි බාල වයස්කාර දැරියකට ලිංගික අතවර සිදුකළ බව පැවසෙන 18 හැවිරිදි තරුණයෙක් මේ මස 26 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිමඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

මොවුන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවට අනාවරණය වී තිබෙන අතර අතවරයට ලක්වු දැරියගේ මව සිය සැමියා මියගිය පසු සැකකාර තරුණයාගේ පියා සමඟ පිළියන්ද ප්‍රදේශයේ ජීවත්ව ඇත.

එම දැරිය හා තරුණයා අතර ඇති වු ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඔවුන් නිවසින් පැන ගොස්, වැලිමඩ ගුරුතලාව කුරුදුගොල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැරිය පවසා ඇත්තේ සැකකාර තරුණයාගේ පියා ද නිවසේ සිටිය දී නොයෙක් අවස්ථාවල දී බලහත්කාරයෙන් තමාට ලිංගික අතවරයන් සිදුකළ බවය.

මේ බව තරුණයාට පැවසු බවත්, නිවසින් පළා යෑමෙන් අනතුරුව තරුණයා අතින් ද තමා අතවරයට ලක්වු බව දැරිය පොලීසියට පවසා තිබේ.

සැකකාර දැරියගේ සුළු පියා අත්අඩංගුවට ගැනීමට ගැනීමට මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

Leave A Reply

Your email address will not be published.