පළමු එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුළු 07 ක ජයක්

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟය කඩුලු 07කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කල අතර නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට ශ්‍රී ලකා ක්‍රීඩකයන්ට හැකි වුණා.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චාමික කරුණාරත්න නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර නායක දසුන් ශානක ලකුණු 39ක් රැස් කළා..

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සංචාරක ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 4ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුණා.

ඉන්දීය නායක ශිකර් ධවාන් නොදැවී ලකුණු 86ක් රැස්කළ අතර ඉෂාන් කිෂාන් ලකුණු 59ක් රැස්කලා.

තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස පෙරමුණ ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය.

 

Leave A Reply

Your email address will not be published.