තවත් ඩෙල්ටා ආසාදිතයින් 19 ක්

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 19 දෙනෙකු කොළඹ, පිළියන්දල, කිලිනොච්චිය, යාපනය දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදාවෙන් හඳුනා ගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් සිදුකළ ජානමය අනුක්‍රමණ විද්‍යාතනය විසින් සිදුකළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණක් අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් සහ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යා අංශය විසින් අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කළේ.

Leave A Reply

Your email address will not be published.