13 හැවිරිදි දැරියක අපයෝජනය සම්බන්ධයෙන් පියා ඇතුළු 11ක් ගැන විමර්ශන

13 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය සිදුකළ විමර්ශනවලින් පසු කාන්තාවක් සහ පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අතර දැරියගේ පියා ද, ඒ සඳහා ආධාර අනුබල දුන් කාන්තාවක් ද සිටින බව වාර්තා වේ.

කාන්තාව ඇතුළු පුද්ගලයින් 5 දෙනා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර මෙම දැරියව අපයෝජනය කළ තවත් පුද්ගලයින් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

Leave A Reply

Your email address will not be published.