සෙල්ෆි ගැනීමට ගිය 11 දෙනෙකු අකුණු පහරකින් ජිවිතක්ෂයට

ඉන්දියාවේ, ජායිපුර් හිදී සෙල්ෆි ජායාරූප ගනිමින් සිටි පුද්ගලයින් පිරිසකට එල්ලවූ අකුණු පහරකින් පුද්ගලයින් 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

12 වෙනි සියවසට අයත් ආමේර් බලකොටුවේ පිහිටි නැරඹුම් ස්ථානයක සිටි පිරිසකට මෙම අකුණු පහර එල්ලවී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

අකුණු පහර එල්ලවූ අවස්ථාවේදී එහි පුද්ගලයින් 27 දෙනෙකු සිට ඇති අතර, ඇතැම් පුද්ගලයින් එම නැරඹුම් ස්ථානයෙන් පහළට පැන තිබෙනවා.

2004 වසරේ සිට වාර්ෂිකව ඉන්දියාවේ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,000ක් පමණ ජිවිතක්ෂයට පත්වන බවයි එරට දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ.

 

Leave A Reply

Your email address will not be published.