හයිටි ජනාධිපතිගේ ඝාතකයින් සොයා ගනී

හයිටි ජනාධිපති ජෝවෙනෙල් මොයිස් ඝාතනය කිරීම සඳහා 28 දෙනෙකුගෙන් සමන්විත විදෙස් හමුදා කණ්ඩායමක් එක්වී ඇතිබව වාර්තා වෙනවා.

විශ්‍රාමික කොලොම්බියා හමුදා භටයින් සහ හයිටි සම්භවයක් සහිත ඇමෙරිකානුවන් දෙදෙනෙක් ද ඊට අයත් බව හයිටි පොලිසිය පවසනවා.

ජනාධිපතිවරයා ඝාතනයයෙන් පසුව පළායාමට තැත්කළ වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට හයිටි පොලීසිය සමත්විය.

17 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර තවත් 8 දෙනෙක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වේ. තිදෙනෙක් පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදී මරණයට පත්වී තිබෙනවා.

 

Leave A Reply

Your email address will not be published.