“චින්තාගාරය ” දැයේ දු දරුවන්ට අලුත්ම අත්දැකීමක්

කොවිඩ් වසංගතය හමුවේ පාසල් යාමට නොහැකිව, මාර්ගත ක්‍රම ඔස්සේ නිවෙස් වලට වී අධ්‍යාපනය ලබන දු දරුවන්ගේ ආධ්‍යාත්මික සංවර්ධනය පරමාර්ථ කොට ගත් නව වැඩසටහනක් , දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කොට තිබෙනවා. එය හඳුන්වන්නේ ” චින්තාගාරය” යන නමින්. එළැඹෙන ඉරිදා සිට සෑම ඉරිදා දිනකම පෙරවරු 8.30 ට මෙම වැඩසටහන දැයේ දූ දරුවන් වෙත පිදෙනවා. මේ සඳහා සණස සමාගම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා.

පහලින් දැක්වෙන්නේ ඒ වෙනුවෙන් දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් සංජක ප්‍රසාද් දොලේවත්ත මහතා ෆේස්බුක් හි තැබූ සටහනක්…

පාසල් දරුවන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගෙවල් වල. ඔවුන් අලුත් ලෝකෙක ජීවත්වෙන්න පුරුදුවෙනවා.කිසිම මිනිස් සබදතාවයක් නොමැති දුරකතන සබදතාවයක් සමග ඔවුන් තනිවෙලා.පාසලට දුරකතනයක් ගෙනයාම තහනමට ලක්වෙලා හිටපු දරුවන්ට දුරකතනය දැන් අත්‍යවශ්‍ය මෙවලමක් වෙලා.ඇත්තටම කිව්වොත් දැන් ඔවුන් එයට ඇබ්බැහිවෙලා. Zoom තාක්ෂණය ඔස්සේ පාසල් වැඩ කටයුතු සිදු වෙනවා.ඊට අමතරව tik tok, instagram, facebook, Games එකී නොකී බොහෝ සම්බන්ධතා ඔවුන්ගෙ හිත ඇතුලෙ දැන් සැරිසරනවා.වෙනද ටොෆි චොකලට් ඕන කියලා අම්මලා තාත්තලට වදදීපු දරුවො දැන් ඩේටා ඕන කියලා වද දෙනවා.වෙනදා රෑ බෝ වෙද්දිම ඇදට යන්න දගලන දරුවො අද නයිට් ටයිම් ඩේටා නිසා පාන්දර වෙනකන් ඇහැ ඇරලා ඉන්නවා.ඔවුන් අපිටත් ඔවුන්ටත් නොපෙනෙන මානසික පීඩනයකට ලක්වෙලා.විශේෂයෙන් 2000 න් පසු ඉපදුනු පරම්පරාව මිනිස්සුන්ට වැඩියෙන් සම්බන්ධතා තියාගන්නෙ ඩිවයිස් එක්ක.ඔවුන් උදේ ඇහැරෙන්නෙ මේ ඩිජිටල් ඩිවයිස් එක්ක.ඔවුන්ගෙ පරමාදර්ශයන් වෙන්නෙ pub g, free fire වගේ ගේම්ස් වල ඉන්න චරිත. මේ අලුත් තත්වය හමුවේ ඔවුන්ගේ පුංචි සිත් වලට අලුත් පාඩමක් අවශ්‍ය වෙනවා. ඒ අධ්‍යාත්මික මෙහෙයුම මේ මොහොතෙ අත්‍යවශ්‍ය ජාතික අවශ්‍යතාවයක් .දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය එළඹෙන පොසොන් පොහොයට සමගාමීව සිත සමග කෙරෙන අධ්‍යාත්මික නැවුම් සංකල්ප සමගින් සෑම පාසල් සිසුවෙක් හටම ඔවුන්ගේ පාසල හරහා සෑම ඉරිදාවකම උදෑසන 8.30 සිට 9.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ චින්තාගාරය ඔවුන්ගේ සිත ඉදිරිපිටට පැමිණෙනවා.

මේ සදහා උපදේශකත්වය ,
මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි
රාජකීය පණ්ඩිත දොඩම්පහල ශ්‍රී රාහුල හිමි ඇතුළු විද්වත් මඩුල්ලක් ලබා දෙනවා.

Leave A Reply

Your email address will not be published.