චීනයෙන් නියමුවන් සහිත යානයක් අභ්‍යවකාශගත කරයි..

චීනය අද සිය අභ්‍යවකාශ මෙහෙයුමේ තවත් එක් ඉදිරි පියවරක් තැබුවා.

ඒ, සිය නියමුවන් සහිත යානයක් අභ්‍යවකාශ ගත කරමින්.

එලෙස අභ්‍යවකාශ ගත කෙරුණේ චීනයේ “ෂෙන්සු ටුවෙල්ව්” අභ්‍යවකාශ යානයයි.

චීන ගගනගාමීන් තිදෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටිනවා.

ඔවුන් එරට අභ්‍යවකාශ මෙහෙයුමේ සක්‍රියව නිරතවී සිටි පළපුරුදු ගගනගාමීන් තිදෙනෙක්. එම ගගනගාමීන් තිදෙනා මාස 03 ක පමණ කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටීමට නියමිතයි.

එම කාලය තුළ දී ඔවුන්, චීනය මීට පෙර අභ්‍යවකාශ ගත කෙරුණු සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ඇති.

කෙසේවෙතත්, චීනය පවසන්නේ මෙය සිය අභ්‍යවකාශ මෙහෙයුමේ සාර්ථක පියවරක් බවයි. අභියෝග පවතින්නේ තවත් ඉදිරියට බව ද චීනය වැඩිදුරටත් සඳහන් කළා.

Leave A Reply

Your email address will not be published.