ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති නම් කරයි..

ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung මහත්මිය නම් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය පෙන්වා දෙන්නේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ඊයේ මෙම නම් කිරීම සිදුකර ඇති බවය.

Julie Jiyoon Chung මහත්මිය ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයිනේ ද තානාපති ලෙස නම් කර තිබේ.

විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක් වන ඇය අමත්‍යාංශ උපදේශකවරියක් ලෙස සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරියක් ලෙසත් මේ වනවිට කටයුතු කරනු ලබයි.

මීට පෙර Julie Jiyoon Chung මහත්මිය කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය සහ චීනය යන රටවල අමෙරිකානු තානාපති කාර්යාලවල විවිධ තනතුරු දරා ඇති බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.