ඊශ්‍රායලයේ බල පෙරළියක්..!

යුදෙව්වන්ගේ දේශය හෙවත් ඊශ්‍රායලය, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙත්න්යාහුගේ පාලනයෙන් ගිලිහී තිබෙනවා.

ඒ, වසර 12කට පසුවයි.

විපක්ෂ සන්ධානය ආණ්ඩුවක් පිහිටුවීමට සමත්වීම හමුවේයි මෙලෙස බෙන්ජමින් නෙතන්යාහුට ඊශ්‍රායලයේ අග්‍රාමාත්‍ය ධුරය අහිමි වුණේ.

විපක්ෂ කණ්ඩායම් 08ක් එක්වී පිහිටුවනු ලැබූ සන්ධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ මධ්‍යංශික යීෂ් ආටීඩ් පක්ෂයේ නායක යායර් ලැපිඩ්.

විපක්ෂ සන්ධානය එක්ව ආණ්ඩුවක් පිහිටුවන බවට ප්‍රකාශ කර ඇත්තේ ද ඔහුයි.

ඒ අනුව විපක්ෂය එළඹ ඇති එකගතාව අනුව දක්ෂිණාංශික යමීනා පක්ෂයේ නායක නෆාලි බෙනට් පළමුව ඊශ්‍රායලයේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව බලය යායර් ලැපීඩ්ට පවරනු ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

කෙසේවෙතත්, නව රජය දිවුරුම් දීමට පෙර පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වනවා.

කෙසේවෙතත් බෙන්ජමින් නෙතන්යාහු පාලනය බිඳ වැටීමත් සමග ඊශ්‍රායලය බල අරගලයකට මුහුණ පානු ඇති බවටයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

දූෂණ චෝදනා රැසක් එල්ලවීමත් සමග සිය ධුරය රැකගැනීමට නෙතන්යාහු බලවත් උත්සහයක් දැරුවා. ඔහු ඉකුත් දා ගාසා තීරයට පහරදුන්නේ ද දේශපාලන වාසි අපේක්ෂාවෙන් බවටයි විචාරකයන් මත පළ කළේ.

Leave A Reply

Your email address will not be published.