කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන අලුත්ම රෝගය “කොවිඩ් දිව”

කොවිඩ් වෛරසය හේතුවෙන් ඇතිව තිබෙන නවතම රෝගී තත්ත්වයක් වන දිව විශාලවීමේ රෝගයක් පිළිබඳව අමෙරිකාවෙන් වාර්තා වේ.

වෛද්‍යවරුන් පවා පුදුමයට පත් කරවමින් ඇතිව තිබෙන මෙම දිව විශාලවීමේ රෝගය “කොවිඩ් දිව (Covid tongue)“ ලෙසින් හඳුන්වනු ලබයි.

ඊට හේතුව ලෙස හඳුන්වන්නේ මැක්‍රොග්ලොසියා (macroglossia) නම් රෝගය වන අතර එම රෝගීන්ටට කතා කිරීමට, ආහාර ගැනීමට සහ නිදාගැනීමට පවා අපහසුතා ඇති වන අතර වෛද්‍යවරුන් පවසා සිටින්නේ අසාධ්‍ය තත්ත්වයක දී වෙන්ටිලේටර් යන්ත්‍රය සම්බන්ධ කිරීමටද නොහැකි බවය.

අතිශයෙන්ම දුර්ලභ රෝගයක් වන මෙම රෝගය කොවිඩ් ආසාදිතයන් අතර වාර්තාවීම පිළිබඳව පර්යේෂකයන් පරික්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

වෛද්‍යවරුන් සැක පළකරන්නේ කොවිඩ් වෛරසය මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිතව ඇති කරනු ලබන දුර්වලතාවය හේතුවෙන් මෙම රෝගය ව්‍යාප්තවීමට පටන් ගෙන ඇති බවය.

ඇමෙරිකාව තුළ මේ වන විටත් “කොවිඩ් දිව“ රෝගීන් 09දෙනෙකු හමුවී තිබේ.

මෙම සියලුදෙනා ම කොවිඩ් ආසාදනයවී පසුව එයින් සුවවූ පුද්ගලයන් ද වන බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.