අද මෙතෙක් ආසාදිතයින් 3000 පනී..එක්වරක දී වාර්තා වු වැඩිම ගණන

අද (19) දිනට මේ දක්වා කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 3,000 ඉක්මවා වාර්තා වී තිබේ.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර මහතා පවසා සිටියේ ඒ අනුව අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 3,051ක් වාර්තා වු බවය.

මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 150,771 කි .

අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,222ක් සුවය ලැබීමත් සමඟ සුවය ලැබු සමස්තය ද 122,367ක් විය.

Leave A Reply

Your email address will not be published.