Rakuten Viber  කණඩායම් ඇමතුම් ධාරිතාව 30 දක්වා වැඩි කරයි

පවත්නා වසංගත තත්ත්වය තුළ සහ වැඩිවෙමින් පවතින ඉල්ලුම හේතුවෙන් නිදහස් හා සුරක්ෂිත සන්නිවේදනයක් සහතික කරමින් ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසක් සමඟ සම්බන්ධ, රටේ ප්‍රමුඛ සන්නිවේදන යෙදුම වන Rakuten Viber සිය කණ්ඩායම් වීඩියෝ ඇමතුම් ධාරිතාව 30දෙනෙකු සම්බන්ද කිරීමට හැකිවනසේ පුළුල් කර ඇත.

2020 දී ඇති වූ කොවිඩ්19 වසංගතයේ ප්‍රතිපලයක් ලෙස බොහෝ දෙනෙකුට තම නිවෙස් වල රැඳී සිටීමට සිදුවූ නිසා, Viber භාවිතය වැඩිවනු ඇතැයි යන අපේක්ෂාවෙන් එම කාලය තුළදී සිය කණ්ඩායම් ධාරිතාව පුද්ගලයින් 20 දෙනෙකු වෙනුවෙන් වීඩියෝ සහ ඇමතුම් ගැනීමේ හැකියාව දෙගුණ කළේය.

30දෙනෙකු සම්බන්ද කිරීමට හැකිවනසේ කණ්ඩායම් වීඩියෝ සහා ඇමතුම් ධාරිතාව පුළුල් කිරීමත් සමඟ, Viber පරිශීලකයින්ට රටේ පවතින අයහපත් වාතාවරණය තුළ ආරක්ෂිත වීමටත්, සහ තම හිතවතුන් හා සමීපතමයන් ආරක්‍ෂිත බවට තහවුරු කරගැනීමටත් මේ මගින් හැකිවේ. එමෙන්ම උසස් තත්ත්වයේ වීඩියෝ ඇමතුම් ලබා දීමෙන් කාර්යාලයේ එදිනෙදා අත්‍යාවශ්‍යය රැස්වීම් සඳහා වැඩි පිරිසක් සම්බන්ධ  කරගැනීමට හැකිය. අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ගුරුවරුන්ට සිසුන් සමඟ සම්බන්ධ විමටද මෙම සන්නිවේදන පහසුකම උපකාරී වේ.

මෑතකදී ආසියා පැසිෆික් (APAC) කලාපීය මත විමසුමක් සඳහා 8,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වූ අතර, ඉන් 50% කට වැඩි පිරිසක් තම පවුලේ අය සමඟ කතා බහ කිරීමට සහ මිතුරන් සමඟ සම්බන්ධ වීමට කණ්ඩායම් වීඩියෝ ඇමතුම් භාවිතා කළ අතර 30%කට වඩා වැඩි පිරිසක් මෙම පහසුකම තම වැඩ කටයුතු සඳහා භාවිතා කළේය.

ශ්‍රී ලංකාවේද මේ වනවිට පාසල්වල ඔන්ලයින් ක්‍රමය හරහා පැවැත්වෙන පන්ති සඳහා මම සන්නිවේදන පහසුකම භාවිතා කරන පිරිස වැඩිවන අතර කාර්යාලීය වැඩකටයුතු, පාඨමාලා සහ පන්තිය පැවැත්වීම් මෙන්ම පවුලේ සමීපතමයන්, මිතුරන් හා එක්වීමට මෙම කණ්ඩායම් වීඩියෝ ඇමතුම් භාවිතා කරන බවට පෙනීයමින් තිබේ.

මීට අදාළ යාවත්කාලීන කිරීමේ යෙදුම තුළ වීඩියෝ දර්ශන ජාලය ඩෙස්ක්ටොප් සහ දුරකථන තිරයේ තිබීම නිසා වීඩියෝ ඇමතුම් අතරතුර එකිනෙකා සමඟ පහසුවෙන් සම්බන්ධ වීමටද හැකිය. ප්‍රමාණය වැඩිකරනලද කණ්ඩායම් වීඩියෝ ඇමතුම ඉක්මනින් ඇන්ඩ්‍රොයිඩ් සහ IOS උපාංග සඳහා සජීවීව ක්‍රියාත්මක වන අතර ජංගම සහ ඩෙස්ක්ටොප් පරිගණකවලද එය ක්‍රියා කරනු ඇත. කණ්ඩායම් වීඩියෝ ඇමතුම් ධාරිතාව ඉදිරි මාසවලදී වැඩි කිරීමටද Viber අපේක්ෂාවෙන් සිටී.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viberහි ප්‍රධාන සංවර්ධන නිලධාරිනී ‘ඇනා ස්නාමෙන්ස්කායා’ මෙසේ පවසන්නීය.

” Viber කියන්නේ ලංකාවේ ජනප්‍රියතම මැසේජ් ඇප් එක. අපගේ සන්නිවේදන ක්‍රියාවලිය අපි නිරන්තරයෙන් නවීකරණය කරනවා. ඒ තුළින් අපගේ පරිශීලකයින්ට වඩා හොඳ සේවාවක් සැපයීමට සහ ඔවුන්ගේ සන්නිවේදන අවශ්‍යතා සඳහා මෙන්ම විශේෂයෙන් පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය තුළදී සහාය දැක්වීමට අපට හැකිවී තිබෙනවා. සමාජ දුරස්ථභාවය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් සීමාවන් පනවා තිබියදී, අපගේ වීඩියෝ ඇමතුම් හැකියාවන්ගෙන් ඔබේ මිතුරන් හෝ ආදරණීයයන් ඇතුළු වැඩි පිරිසක් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගැනීමට අවකාශය ලැබී තිබෙනවා ’’.

Leave A Reply

Your email address will not be published.