බිල් ගේට්ස් සිය දික්කසාදය ප්‍රකාශයට පත් කරයි

මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය 27 වසරක විවාහ දිවිය නිම කරමින් දික්කසාදවීමට තීරණය කළ බව නිවේදනය කර තිබෙනවා.

දික්කසාදවීම සඳහා වූ ඒකාබද්ධ පෙත්සමක් ඉදිරිපත් කරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ විවාහය පිළිබඳ සිය නෛතික එකඟතාව ආපසු හැරවිය නොහැකි ලෙස බිඳී ඇති බවයි.

එම යුවල එක්ව පිහිටුවා ඇති බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ලොව විශාලතම සුබසාධන ආයතනයක්.

එමගින් පසුගිය දශක දෙකක පමණ කාලය තුළ දිළිදුකම තුරන් කිරීමට සහ සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 50කට අධික මුදලක් වැය කර ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.

මැලේරියාව, පෝලියෝ වැනි රෝග තුරන් කිරීම ළමා මන්දපෝෂණයට එරෙහිව එම සංවිධානය මගින් වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයට එරෙහිව ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය සදහා එම ආයතනය පසුගිය වසරේ දී ඩොලර් බිලියන එකයි දශම 7යි 5ක මුදලක් වැය කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

තමන් දික්කසාදවීමට තීරණය කළද මහජන සුබසාධනය වෙනුවෙන් පිහිටවූ බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම නොවෙනස්ව පවතින බවයි එම යුවල වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් විවාහ ජීවිතයට එළැඹ තිබුණේ වර්ෂ 1994 දී ය.

බිල් ගේට්ස් 65 වැනි වියේ පසුවන අතර මෙලින්ඩා ගේට්ස් 56 වැනි වියේ පසුවන අතර ඔවුනට වයස අවුරුදු 25ක දියණියක් සහ අවුරුදු 18ක දියණියක් සිටින අතර අවුරුදු 21ක පුතෙකු ද සිටියි.

බිල් ගේට්ස් විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්,

https://twitter.com/BillGates/status/1389316412259270657/photo/1

Leave A Reply

Your email address will not be published.