2020 ලෝක රූ රැජින කිරුළ කේට් ස්නයිඩර්ට..

අයර්ලන්තයේ, කේට් ස්නයිඩර් 2020 ලෝක විවාහක රූ රැජින ලෙස එම තරගය සංවිධානය කළ ආයතනය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

2020 ලෝක රූ රැජින ලෙස තේරී පත්ව සිටි ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරිගේ ඉල්ලා අස්වීම පිළිගැනීමෙන් අනතුරුව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.

පසුගිය දා තමා ජයග්‍රහණය කළ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ අත්හැරීමට තීරණය කළ බව කැරොලයින් ජූරි මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියාය.

2021 විවාහක රූ රැජින තේරීමේ තරඟයේදී සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන අතර කිසිදු අයෙකු අපහසුතාවයට පත් කිරීමට එම කාර්යය සිදු නොකළ බව ඇය සඳහන් කළාය.

පසුගියදා පැවති මෙරට විවාහක රූ රැජින තෝරාපත් කර ගැනීම සඳහා පැවති තරගයේ දී කිරුළ හිමිකරගත් පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ අයෙකු බව පවසමින් ඇයට හිමි වූ කිරුළ එහි දෙවන ස්ථානය හිමි කරගත් තරගකාරියට ලබාදීමට කැරොලයින් ජූරි මහත්මිය කටයුතු කළාය.

එම සිදුවීමට එරෙහිව පුෂ්පිකා ද සිල්වා මහත්මිය විසින් කුරුඳුවත්ත පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළව කැරොලයින් ජූරි මහත්මිය සහ චූලා පත්මේන්ද්‍ර යන අය අත්අඩංගුවට ගෙන පසුව අප්‍රේල් 19 වන දා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරියේය.

May be an image of text that says "MWorld World PRESS RELEASE April 20, 2021 The Mrs. World Inc. Organization has received the resignation of Mrs. Carloine Jurie as Mrs. World 2020. Her voluntary resignation decision was made solely by Caroline herself. We wish Mrs. Jurie and her family, all the best in their future endeavors. The first runner up. Mrs. Ireland World, Kate Schneider, will now become the new Mrs. World 2020. Respectfully, Mrs. World Inc."May be a close-up of 1 person

Leave A Reply

Your email address will not be published.