කුසල් මෙන්ඩිස්ව බංග්ලාදේශ සංචාරයෙන් එළියට..

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරග 02කින් යුතු ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස්ව නම් කර නොමැති බව වාර්තා වෙයි.

පසුගියදා පැවැති බටහිර කොදෙව් සංචාරය සඳහා ද කුසල් මෙන්ඩිස්ව ඇතුළත් කරගෙන නොතිබුණි.

මේ අතර අබාධායකට මුහුණ දී සිටි නවක ක්‍රීඩක පැතුම් නිශ්ශංක සුවය ලබා ඇති බැවින් ඔහුව නැවත ටෙස්ට් තරගාවලිය සඳහා කැඳවා තිබේ. එමෙන්ම නවක ක්‍රීඩකයෙකු වන ප්‍රවීන් ජයවික්‍රම හට ද මෙවර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබේ.

Leave A Reply

Your email address will not be published.