රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය පිළිබඳ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියමව  සිටින රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම වළක්වන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක මහතා මෙම රිට් පෙත්සම ගොනු කරනු ලැබුවා.

අර්ජුන ඔබේසේකර, සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.

පෙත්සම්කරු ඉල්ලා සිටින ආකාරයට සහන ලබාදීමට නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව මෙහිදී විනිසුරු මඩුල්ල ප්‍රකාශයට පත් කර සිටියා.

Leave A Reply

Your email address will not be published.