ඉන්දීය ක්‍රිකට් පිටිය ආක්‍රමණය කළ කොවිඩ් 19 වෛරසය ලෝකප්‍රකට බොලිවුඩ් සිනමාවට ද බලපෑම් කරමින් තිබෙනවා. ඒ, සුපිරි බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් ද කොවිඩ් 19 ආසාදිතයෙකු බවට පත් කරමින්. ඔහු මෑතක දී චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ද කටයුතු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 53 හැවිරිදි වියේ පසුවන අක්ෂේ කුමාර් සැලකෙන්නේ බොලිවුඩ් සිනමාවේ ඉකුත් වසරේ සාර්ථක ම නළුවා ලෙසයි.
මීට පෙර නළු නිළියන් ඇතුළු බොලිවුඩ් සිනමා කර්මාන්තය සම්බන්ධ 09දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනයවී තිබුණා. ඒ අතරට අමිතාබ් බච්චන්, සල්මන් ඛාන් සහ සංජේ දත් ද ඇතුළත්.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් 07දෙනෙකු ද දැනටමත් කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා.