කොවිඩ් -19 ආසාදිත තවත් සිව්දෙනෙක් මියයයි

ඊයේ (03) දිනයේ තවත් කොවිඩ් – 19 ආසාදිතව මියගිය රෝගීන් සිව්දෙනෙකු වාර්තාවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් -19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 579කි.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරණ ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි කාන්තාවක්, රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 10  ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවකි.

Leave A Reply

Your email address will not be published.