ශ්‍රී ලංකා පිලට ලකුණු 377ක ඉලක්කයක්..

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 377ක ඉලක්කයක් හිමිව තිබෙනවා. දෙවන ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 280ක් ලබා සිටිය දී සිය ඉනිම අත්හිටුවනු ලැබුවා. කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම වෙනුවෙන් ක්‍රේග් බ්‍රැත්වේට් ලකුණු 85ක් රැස් කළ අතර ජේසන් හෝල්ඩර් නොදැවී ලකුණු 71ක් රැස් කළා.

පන්දු යැවීමේදී සුරංග ලක්මාල් සහ දුෂ්මන්ත චමීර කඩුලු 02 බැගින් දවාගත්තා. ලකුණු 377ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම, තරගයේ සිව්වන දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම වෙනුවෙන් කිසිවෙකු නොදැවී ලකුණු 29ක් රැස් කරගෙන සිටියා. ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 17ක් ලබා සිටි අතර නායක දිමුත් කරුණාරත්න රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 11ක්. ඒ අනුව මෙම තරගය ජය ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 348ක් ලබාගත යුතු වනවා.

Leave A Reply

Your email address will not be published.