ඉන්දු-පකිස්තාන අර්බුදය සමථයකට? ඉම්රාන්ගෙන් මෝදිට ලිපියක්..

ඉන්දියාව සමග සාමකාමීව සහජීවනයෙන් සබඳතා පැවැත්වීමට තම රටෙි ජනතාව සූදානම් බව සඳහන් කරමින් පකිස්තාන අගමැති ඉමිරාන් ඛාන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ⁣යොමු කර තිබේ.

අගමැති ඉම්රාන් ඛාන් මෙම ලිපිය යොමුකර ඇත්තේ පසුගියදාට යෙදුණු පකිස්තාන දිනය නිමිත්තෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අගමැති ඉම්රාන් ඛාන් වෙත යොමුකළ සුබපැතුම් ලිපියකට පිළිතුරු වශයෙනි.

අදාළ ලිපිය මගින් පකිස්තාන දිනයට සුබපැතුම් එක්කරමින් ඉන්දීය අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ⁣අවිශ්වාසය සහ බෙදීම් ඉවතලීම අවශ්‍ය බවයි.

ඊට පිළිතුරු ලිපියක් යොමුකරමින් දෙරට අතර පවතින ගැටලු විසඳාගැනීමේ අවශ්‍යතාව මතු කර ඇති අගමැති ඉම්රාන් ඛාන් විශේෂයෙන් ජම්මු සහ කාශ්මීර ගැටලුව සාමකාමීව විසඳාගත යුතු බව ද සඳහන් කර තිබේ.

Leave A Reply

Your email address will not be published.