තවත් කොරෝනා මරණ 2ක්.. සුවය ලැබූ සංඛ්‍යාව 89251යි..

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 2ක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට තුළ කොරෝනා ආසාදනයවීමෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව 568ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 92706ක් වන අතර, ඉන් ආසාදිතයින් 2887දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 89251කි.

Leave A Reply

Your email address will not be published.