කොරෝනා වෛරසය මනුෂ්‍යයන්ට ආසාදනය වූයේ සතුන්ගෙන්ද? – WHO

කොරෝනා වෛරසය මනුෂ්‍යයන්ට ආසාදනය වූයේ සතුන්ගෙන් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවක දැක්වෙනවා.

වෛරසය ව්‍යාප්තවීම් ආරම්භවී මාසයකට වැඩි කාලයක් එය මනුෂ්‍යයන් අතර පැතිරෙමින් පවතින්නට ඇති බව එම වාර්තාවේ සදහන්. ඉන් අනතුරවයි 2019 වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් නගරයෙන් වෛරසය හඳුනාගැනුණේ. ඒ අනුව කොරෝනා වයිරසය විද්‍යාගාරයක නිපදවා මුදාහල එකක් බවට පත්නා මතය බැහැර වනවා. වයිරසයේ මූලාශ්‍රය සතෙකු ලෙස දැක් වුවද එය වවුලෙකුගෙන් ව්‍යාප්තවූ බවට වන මතය ද බැහැර කර තිබෙනවා.

කෙසේ වුව ද කොරෝනා වෛරසය ආසාදනයවූ කබැල්ලෑවකු ද සොයාගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්වී සිටීම විශේෂත්වයක්.

Leave A Reply

Your email address will not be published.