නවීනත්වයේ සැබෑම නිස්කලංක ජීවිතයකට ප්‍රයිම් CLOVER IN THALAWATHUGODA

ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී සමාගමක් වන ප්‍රයිම් සමුහයේ signature villas ජාලයට එක්වූ Clover in Thalawathugoda නවතම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. තලවතුගොඩ කොරෙයා ගාඩ්න්ස් (Corea Gardens)හි දී මාර්තු 19 වනදා මෙම සුඛෝපභෝගී Villas විකිණීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර ආරම්භයේ දී ම විශාල සාර්ථකත්වයක් අත්කර ගනිමින් සුඛෝපභෝගී Villas වලින් 60%ක් දැනටමත් අලෙවි කර ඇත.

Clover ව්‍යාපෘතියේ අති විශිෂ්ඨත්වය දැක බලා අත්විඳීමට මේ වන විට එහි නිවාස මිලදී ගෙන ඇති අනාගත පදිංචිකරැවන් මෙන්ම අනාගත ගැනුම්කරුවන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ. එහිදී මූල්‍ය, නෛතික, තාක්‍ෂණික හා සාමාන්‍ය විමසීම් මෙන්ම විවිධ අවශ්‍යතා යටතේ කෙරෙන විමසීම් සඳහා පැමිණි සෑම අමුත්තෙක් වෙනුවෙන්ම ප්‍රයිම් කණ්ඩායම සිය සහාය සහ මග පෙන්වීම සිදු කළේය.

ප්‍රයිම් සමුහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වෙමින් මෙසේ අදහස් දැක්වීය “ප්‍රයිම් සමූහය වශයෙන් අපි නිරන්තරවම අපගේ පාරිභෝගිකයින් සඳහා හොඳම තැනකින් සිය සිහින නිවහන ලබා දීමට කැපවී සිටිනවා. අද සමාරම්භය සනිටුහන් කල මෙම Clover in Thalawathugoda ව්‍යාපෘතිය කියන්නේ තවත් එක්තරා නිවාස ව්‍යාපෘතියක් නොවෙයි. එය නවීන ගෘහනිර්මාණ ශිල්පයේ අපූර්ව සෞන්දර්ය කැටිකර ගත් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියක්. විශේෂයෙන්ම අපගේ දක්ෂ ඉහළ සුදුසුකම් සපිරූ වෘත්තීයවේදීන් අතින් තමයි මෙම සුඛෝපභෝගී තනි නිවාස සියල්ලකම පිරිසැලසුම්, අභ්‍යන්තර වර්ණ හා අලංකරණයන් මෙන්ම බාහිර අලංකරණ හා මෝස්‌තර පවා නිර්මාණය කර තිබෙන්නේ. මා හට මෙහිදී ඇතිවන විශේෂ සතුටට කරුණ වන්නේ දැනටමත් මෙම ව්‍යාපෘතියේ සුඛෝපභෝගී නිවාස වලින් 50%වඩා අලෙවි වී තිබීමටත් වඩා’ අපගේ පාරිභෝගිකයන්ගේ ජිවිතයට නව අරුථක් ගෙන දෙමින් සැනසිලිදායක ජීවිතයක් පිළිබඳ බලාපොරොත්තුව ඔවුන් වෙත ගෙන දීමට හැකි වීමයි.”

Clover ප්‍රයිම් signature villasහි විලා 54ක් ඇති අතර සෑම villa එකක්ම වර්ග අඩි 3238 සිට 4385 දක්වා විශාලත්වයකින් යුතුය. විශාල ඉඩකඩක් සහිත මෙම විලා මාදිලි 16කින් තෝරාගැනීමේ අවස්ථාව ඇත. තලවතුගොඩ අක්කර 4.5 ක භූමි භාගයක පිහිටි Clover villas හි පදිංචිකරුවන් වෙනුවෙන් දැවමය බිමක් සහිතව වායුසමීකරණය කළ නිදන කාමර, යුරෝපීය ප්‍රමිතියෙන් යුත් නාන කාමර, අංග සම්පූර්ණ පැන්ට්රි, සුර්ය පැනල මගින් ක්‍රියාත්මක උණු ජල පහසුකම් මෙන්ම rooftop terraces, පසු පස මිදුල, හා විවේකිව කාලය ගත කිරීමට නිර්මාණය කරන ලද සුවිශේෂී පරිසරයකින්ද සමන්විතය.

Clover විලා හී පොදු පහසුකම් අතර පැය 24 පුරා ආරක්ෂාව මෙන්ම පුද්ගලිකත්වය ආරක්ෂාවන වටපිටාවකින් සමන්විතය. එසේම සුවපහසු විවේකාගාරයක් ලෙස භාවිත කල හැකි විවෘත ලොබියක්, දැවමය මන්තිරුවක් සහිත ජල තටාකයක්, අංගසම්පූර්ණ වායුසමීකරණය කරන ලද ව්‍යායාම මධ්‍යස්ථානයක්, යෝගා කිරීම සඳහා ජල තටාකයට ඉහළින් ඉදිකරන ලද ටිම්බ ඩෙක් එකක් ද ඇතුළත් අතර මේ සියල්ල මගින් Clover විලා හි තෘප්තිමත් ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය සෞන්දර්යාත්මකභාවය ඉහළ නංවයි.

ඉතා ඉහළ ඉල්ලුමක් පවතින කොළඹ නගරාසන්න කලාපයක් වන තලවතුගොඩ නගරයේ පිහිටා ඇති Clover විලා නුතනත්වයෙන් පිරිපුන් සමගිසම්පන්න පරිසරයක නිස්කලංක ජීවිතයකට මග පාදයි. නාගරික පහසුකම් අතේ දුරින් ඇති කොරෙයා උද්‍යානයේ (Corea Gardens)  Clover හි පදිංචිකරුවන්ට හරිත පැහැයෙන් යුක්ත නාගරික ජීවිතයක විචිත්‍රත්වය තුලින් සුන්දර ජීවිතයක් ගත කිරීමට ඇති අවස්ථාව සහතික කරයි.

Leave A Reply

Your email address will not be published.