පාකිස්තාන ජනාධිපතිටත් කොරෝනා

පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්විට කොරෝනා වෛරසය ආසාදනයවී තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

වෛරසයට එරෙහි එන්නතක පළමු මාත්‍රාව ඔහු ලබාගෙන ඇති අතර එම එන්නත නිෂ්පාදනය කළ සමාගම පිළිබද ඔහු සදහනක් කර නැහැ. එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගන්නා තෙක් වෛරසය වැළදීමට ඉඩකඩ පවතින බව ඔහු තවදුරටත් පවසා තිබෙනවා. කෙසේ වුව ද ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ. මේ අතර එරට ආරක්‍ෂක අමාත්‍යවරයාට ද කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී තිබෙනවා.

Leave A Reply

Your email address will not be published.